බැඳුම්කර සල්ලි ගැන අහන්න දයාසිරි CIDයට..!

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට පසුගියදා කථාබහක්  ඇතිවූ අතර ඊට අදාළ විශේෂ  ප්‍රකාශයක් කරමින් දයාසිරි මන්ත්‍රීවරයා තමන්ට 2015  මැතිවරණ සමයේ රුපියල් මිලියනයක චෙක්පතක් ලැබී ඇති බව පිළිගනු ලැබිණ. එසේම මීට අදාළ  සාක්ෂි සහිත වාර්තාවක් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ නඩු විභාගය හමුවේද ඉදිරිපත්ව ඇත.