අසත්‍ය ප්‍රචාර වලට එරෙහිව නලින්දගෙන් මෛත්‍රී ගුණරත්නට මිලියන 500ක එන්තරවාසියක්..!

තමන් සම්බන්ධයෙන් බොරු ප්‍රචාර ගෙනයන මෛත්‍රී ගුණරත්න නැමැත්තාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි. ඒ අනුව නීතීඥ සුනිල් වටගල මහතා මගින් රුපියල් මිලියන 500ක් ඉල්ලා අද(11) මෛත්‍රී ගුණරත්න වෙත නලින්ද ජයතිස්ස මහතා විසින් එන්තරවාසියක් යවා තිබේ.

පසුගිය 09 වනදා රාත්‍රී ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවල පළවූ එම සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සිය කීර්ති නාමයට හා ජනතා විමුක්කි පෙරමුණට හානියක් සිදුවු බැවින් මෙම අධිකරණ ක්‍රියාමාර්ිගය ගන්නා බව මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුටත් පවසයි.