කරන්දෙණිය උප සභාපති වෙඩි තබා ඝාතනය කරයි

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතා  ඊයේ(08) රාත්‍රී ඇල්පිටිය උරගස්මංහදිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

උප සභාපති තවත් දෙදෙනකු සමඟ කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇතැයි දැනට කරන ලද පරීක්ෂාවලදී තොරතුරු අනාවරණය වී තිබේ.