2020 ජනාධිපතිවරණයට මගේ පැතුම චමල්…!

‘2020 ජනාධිපතිවරණයට රාජපක්ෂ පවුලෙන් චමල් රාජපක්ෂ ඉදිරිපත් වීම මගේ පැතුම’ යැයි හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ ඊයේ (7දා) නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.

එහිදී ඔහු මෙසේද පැවැසීය.

2020 ජනාධිපති අපේක්ෂක වශයෙන් ගෝඨාභය මහත්මයාගේ, බැසිල් මහත්මයාගේ, චමල් මහත්මයාගේ, මෛත්‍රිපාල මහත්මයාගේ, නම් කියැවෙනවා. කවුරු ඉල්ලුවත් රනිල්ට එරෙහිව ඡන්දයට එනවා නම් මහින්ද රාජපක්ෂ මන්ත්‍රිතුමාගේ ආශීර්වාදය ගත යුතු වෙනවාමයි. රාජපක්ෂ පවුලෙන් චමල් රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕන කියලා වාසුදේව නානායක්කාර මන්ත්‍රිතුමා කියනවා. ජනාධිපතිවරණයකදී හදන කේක් එක බටර් එකක් නෙවෙයි.

මුස්ලිම් ඡන්ද, දෙමළ ඡන්ද ආදී අයිසින් ටික ගන්න පුළුවන් හොඳම කෙනා තමයි චමල් රාජපක්ෂ. ඒක තමයි මගෙත් අදහස.

නමුත් රාජපක්ෂ පවුලේ නොවන අපේක්ෂකයකු නම් ඒ කෙනාට තිබෙන ඉල්ලුම සහ එම පවුලට පිටින් ඉදිරිපත් වූ කෙනාට තිබෙන ඉල්ලුම ජනාධිපතිවරණය ළං වෙලායි බලන්න ඕන. දැන්මම ජනාධිපති අපේක්ෂකයකු හෙළිදරව් කළහොත් නැති මඩ ගහන්න පටන් ගන්නවා. මහින්ද රාජපක්ෂ – මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉගෙන ගත්තු පාඩම තමයි අන්තිම මොහොත වෙනකම්ම ආප්ප කාලා යනකම්ම ඉන්න ඕන කියන එක