ලිංගික කටයුතු සහ අවයව ගැනීම සදහා “ළමයින් උස්සන” මහින්දගේ මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයෙකු හමුවෙයි.

නුවරඑළිය, පෝර්ට්මොර් වත්ත අගරපතන ප්‍රදේශයේදී දැරියක පැහැරගෙන යෑමේ චෝදනාවට ලක්වූ මහින්ද පිලේ ලිඳුල නාගරික මන්ත්‍රීවරයාගේ නිවසේ සගවා සිටියදී තවත් දරුවෙකු ඊයේ (07) සොයාගෙන ඇති බව නුවරඑළිය පොලීසිය පවසයි. මීට පෙරද ළමයින් ලිංගික කටයුතු සහ අවයව ලබාගැනීම සදහා මුදලට විකිනීම සිදුකර ඇතැයි මේ වනවිට අනාවරණය වී තිබේ.

පෝර්ට්මොර් වත්ත අගරපතන ප්‍රදේශයේදී  2017 වර්ෂයේ වයස අවුරුදු 05ක දැරියක පැහැරගෙන ගොස් මුදලට විකීණිමට අදාළව පසුගියදා ලිඳුල නගරාධිපතිවරයා සහ එහි නාගරික මන්ත්‍රීවරයෙකු  අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර කළ අතර මෙම සිද්ධියට අදාළ නාගරික මන්ත්‍රීවරයාගේ  නිවසේ සිටියදී ඊයේ  (07) තවත් වයස අවුරුදු 11ක පිරිමි දරුවෙකු නුවරඑළිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මොවුන් මහින්ද පිල සමඟ කටයුතු කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී . රත්නායක මන්ත්‍රීවරයාගේ ළඟම ගෝලයින් බවද අනාවරණය වී ඇත. ඒ අනුව මේ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බව නුවරඑළිය පොලීසිය පවසයි .