රංගේ බණ්ඩාරගේ ‘බේබදු’ පුත්‍රයා රිමාන්ඩ්

රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිත කිරීමේ වරදට හා බීමත්ව රිය ධාවනය කිරීමේ වරද යන චෝදනා මත රෝහල් ගත කිරිමේදි අත්අඩංගුවට ගෙන සිටින පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතාගේ පුත් යශෝධ රංගේබංඩාර ජුනි 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට නුගේගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් තිස්ස විජේරත්න මහතා අද (8) නියෝග කළේය.

හලාවත මහේස්ත‍්‍රාත්වරයාගේ ලිඛිත නියෝගයකට අනුව වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා රෝහලට පැමිණ සැකකරු පරික්ෂා කර බලා මෙම නියෝගය නිකුත් කළේය.