රංගෙ බණ්ඩාරගේ ‘බේබදු’ පුත‍්‍රයා අත්අඩංගුවට

පාලිත රංග බණ්ඩාර රාජ්‍ය අැමතිවරයාගේ පුත් යෂෝධ රංගේබණ්ඩාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පෙරේදා රාත්‍රී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්දයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.පෙරේදා දිනයේ බීමත්ව රිය පැදවීම, අනතුරක් සිදු කිරීම හා රාජ්‍ය දේපල අවභාවිතය යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙණිය, කොට්ටපිටිය මංසන්දියේදි පසුගිය 06 වනදා අළුයම යශෝධ රංගේබණ්ඩාර ගමන් ගත් කැබ් රථයක් නිවසකට කඩා වැදීමෙන් අනතුරක් සිදු විය. ඒ පිළිබඳ විමර්ශන සිදු කළ පොලිසිය, පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය, බීමත්ව රිය පැදවීම සහ තහනම් පිහි ආඥාපනත යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට පෙරද අවස්ථා ගණනාවකදී මෙම ඇමති පුත‍්‍රයා අතින්ම රිය අනතුරු ගණනාවක් සිදුව ඇති අතර ඔවුන් අතරින් එක් අයෙක් මියගොස් කිහිප දෙනෙකුම අබාධිත තත්වයටද පත්ව ඇත.