ගුවාතමාලා ‘ෆුඑගෝ’ යමහල විදාරණයෙන් 75ක් මරුට… 192ක් පමණ අතුරුදහන්.

පසුගිය ඉරිදා ගුවාතමාලාවේ ෆුඑගෝ යමහල විදාරණය වීමෙන් 75 දෙනෙකු මියගොස් තවත් 192කු පමණ අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති. යමහලෙන් විහිදුන අළු සහ මඩවලින් කන්ද පාමුල පිහිටි ගම්මාන සම්පූර්ණයෙන්ම වැසී ගියේය. අඟහරුවාදා (ජුනි 05) නැවතත් යමහල සක්‍රීය වීම හේතුවෙන් විපතට පත් පුද්ගලයන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල විය. නිල වාර්තාවලට අනුව මිලියන 1.7 ක පිරිසකට මෙමගින් බලපෑම් එල්ලවී තිබෙන අතර තුන්දහසකට අධික පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇත.

Volcano erruption Guatamala

 

 

 

 

 

 

 

 

 

 

 

අඟහරුවාදා සිදු වූ පිපිරීමත් සමග කිලෝමීටර 10ක් (අඩි 33,000) පමණ දුර අහසට අළු විහිදුන අතර මෙය යමහල් පිළිබද විශේෂඥයන් ද පුදුමයට පත් කර ඇත.එරට විශේෂඥයන්ට අනුව මෙය 1974 වසරෙන් පසුව වාර්තා වූ විශාලතම විදාරණයවේ.

ෆුඑගෝ යමහල පිහිටියේ ගුවාතමාලා සිටි අගනුවරින් කිලෝමීටර 40 ක් (සැතපුම් 25 ක්) නිරිතදිගිනි.

විදාරණය වීමත් සමග වැගිරුණු ලාවා දහර එල් රොඩෙඕ (El Rodeo) ගම්මානය හරහා ගලායාම හේතුවෙන් එහි සිටියවුන් නිවෙස් තුළදීම මියගියහ. මේ හේතුවෙන් ගුවාතමාලාහි ප්‍රධාන ගුවන්තොටවන ගෝතමාලා සිටි අගනුවර ගුවන්තොටුපළ වසා දැමීමට සිදුවිය.

සමාජ මාධ්‍ය වෙත නිකුත්කර ඇති වීඩියෝ දර්ශනවල ලාවා මත පාවෙන මිනිස් සිරුරු දර්ශනයවන අතර අළුවලින් නැහැවුණු පුද්ගලයන් බේරා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටිති. Volcano erruption Guatamala

 

 

 

 

 

 

 

 

 

 

 

විසිපස් වියැති බොරිස් රොද්‍රිගුඑස්ට නැවත සිය පවුල වෙත යාමට නොහැකිය. ඔහුගේ පවුලේ බොහෝ දෙනෙකු පසුගිය ඉරිදා සිදු වූ මෙම විපත්තියෙන් මිය ගොස් ඇති බැවිනි.

ඔහුගේ බිරිඳ, බිරිඳගේ දෙමාපියන්, බොරිස්ගේ සහෝදරයා, නෑනා සහ ඔවුන්ගේ දරුවන් ෆුඑගෝ යමහල විදාරණය වීමෙන් මිය ගොස් ඇත.

“මම දරුවන්ගේ සිරුරු දැක්කා. ඔවුන් ඇඳ උඩ එකට ගුලි වී සිටියේ හරියට මේ සිදු වන දෙයින් සැඟවෙන්න උත්සහ කරනවා වගේ” යැයි කඳුළු අතරින් ඔහු පැවසීය.

බොරිස් රොද්‍රිගුඑස් මෙන්ම එල් රොඩෙඕ (El Rodeo) ගම්මානයේ ඔහුගේ අසල්වැසියන් බොහොමයක් සමාන අත්දැකීම් වලට මුහුණ දී වැලපෙමින් සිටිති. අළු සහ මඩවලින් යට වූ මෙම ගම්මානය පෙර පිහිටි ආකාරය සොයා ගැනීමට පවා නොහැකිය.

මෙතරම් පිරිසක් මිය ගියේ ඇයි?

යමහල ඉරිදා විදාරණය වීමට පෙර ගම්වැසියන්ට අනතුරු අඟවා එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට නොහැකි වූ බව ගුවාතමාලා ආපදා වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂ සර්ගියෝ කැබානාස් පැවසීය.

හදිසි තත්වයක දී ක්‍රියා කරන ආකාරය පිළිබඳ ප්‍රදේශවාසීන්ට පුහුණුවක් ලබා දී තිබුණත්, මෙවර යමහල ඉතා වේගයෙන් සක්‍රීය වූ බව ඔහු තවදුරටත් පැවසුවේය.

 

Volcano erruption

අළු සහ මඩවලින් යට වූ මෙම ගම්මානය පෙර පිහිටි ආකාරය සොයා ගැනීමට පවා නොහැකිය.