කිම් සහ මූන් දේශ සීමාවේදී හමුවෙති

උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ නායකයන් දෙපල දෙරට දේශ සීමාවේ පිහිටි යුද මුක්ත කලාපයේදී හමු වූහ.මෙය, නායක කිම් ජොන්ග් අන් සහ ජනාධිපති මූන් ජේ-ඉන් අතර සිදු වූ දෙවන හමුවීමය. ඉහත කී හමුව සිදුවූයේ ඇමරිකාව සහ උතුරු කොරියාව අතර යෝජිත ඓතිහාසික හමුව යථාර්තයක් බවට පත් කර ගැනීම සඳහා දරන උත්සාහයක් වශයෙනි. සටන් විරාමය පවතින පන්මුන්ජෝම් ගම්මානයේ උතුරු කොටසේදී කොරියානු නායකයන් දෙපල හමු වූ බව ජනාධිපති මූන්ගේ කාර්යාලය නිවේදනය කළේය.

ජුනි 12 වෙනිදාට යෙදී තිබුණු හමුව ඇමරිකානු ජනපති ට්‍රම්ප් විසින් බ්‍රහස්පතින්දා (මැයි 24) අවලංගු කරනු ලැබුනු නමුත් සැලසුම් කර පරිදි සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවට පසුව ඉඟි කර තිබිණි.