ජනිපෙ හිටපු ලේකම් ප්‍රියන්ජිත්ගෙන් විමල් වීරවංශට ප්‍රහාරයක්..!

විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කළ ප්‍රියන්ජිත් විතාරණ මහතා පසුගිය මැතිනරණයට පෙර විමල් වීරවංශ හැරගිය අතර මේ වනවිට ඔහු හිටපු නායකයාගේ මෙන්ම පක්ෂයේ දේශපාලන කටයුතු වල තිබෙන අශ්ලීලත්වය අනාවරණය කරමින් ලිපයක් සමාජ ජාල වෙබ් අඩවි වෙත නිකුත් කර ඇත. එම ලිපිය තුලින් විතාරණ මහතා ඉතා දැඩි ප්‍රහාරයක් විමල් වීරවංශට මෙන්ම එහි දේශපාලන මණ්ඩල සභිකයින්ට එල්ල කරයි.

එම ලිපිය පහත දැක්වේ.

පිත්ත අතැතිව සිටින වීරවංශ මන්ත්‍රීවරයා තවත් හතරේ පහරක් එල්ල කළේය.ඒ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ පන්දුවකටය.මෙවර ඔහු පවසා තිබුනේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විස්වාසබංගයට චන්දය දීමට ඔහු නොපැමිණියේ මොණරකොළ අරගෙන බවයි.මීට පෙර ජානිපෙය හැරදා යන විටද ඔහු කෝටි හතක මොණරකොළ ගත් බවට චෝදනා කළේද වීරවංශ මහතායි.

ජානීපෙන් ඉවත්වීමේ සිට අද දක්වා සිදුවූ දේශපාලන ක්‍රියාවලිය හොදින්ම දන්නේ වීරවංශ මහතාත්,වීරකුමාර සහෝදරයන් මාත් පමණි.පොහොට්ටුව තුළ කුජීතවී සිය අනන්‍යතාව පවා අහිම් කරගෙන සිටින වීරවංශ මන්ත්‍රීවරයා මේ කරන්න සැරසෙන්නේ කුමක්ද?විස්වාසබංගයෙන් පසු දින ගනනක් අතුරුදහන්ව සිටි වීරවංශ මහතා දැන් එළියට පැමිණ වීරකුමාර දිසානායකගේ අතුරුදහන් වීමක් ගැන කියයි.වීරවංශ මහතාට එක් දෙයක් කීමට කැමැත්තෙම්.ඔබ ඔය පහර ගසන්නේ ඔබට අමතක ජානීපෙම ඉතිහාසයටය.ඒ නිසා ඇත්ත ඉතිහාසයෙන් බිදක් වීරවංශ මහතාට මතක් කර දීම සිතුනෙමි.

ප්‍රියන්ජිත් විතාරණ සමග මොණරකොළ විමල්

එදා 2017 වසරේ ජනවාරි මුල් සතියේ ඔහු බන්ධනාගාර ගත් කෙරිණි.දින 87 ක් ඔහු බන්ධනාගාරය තුළ රදවා තබා ගැනිනි.එදා වීරවංශ මහතාගේ බර කරට ගත්තේ ජානීපෙ දේශපාලන මණ්ඩලයේ කීපදෙනෙකු පමණි. එයි මූලිකයා වූයේ වීරකුමාර දිසානායක සහෝදරයායි.ඔහු දින 87 ම කොළඹ රැදුනේය.මා දින 84 කොළඹ රැදුනේය.වැඩිම වාර ගනනක් වීරවංශ මහතා බැලීමට බන්ධනාගාරයට ගියේ වීරකුමාර දිසානායක සහොදරයායි.වැඩිම වේලාවක් බන්ධනාගාරය තුළ රැදී සිටියේ ඔහුයි.විමල් වීරවංශ මහතා නිදහස් කරන ලෙස ඉල්ලා රටපුරා ප්‍රධාන නගරවල අප උද්ගෝෂණ සංවිධානය කළේය.ඒවාට රට පුරා ගියේ වීරකුමාර දිසානායකය.

මොණරාගල.හම්බන්තොට දිසා නායකයින් එම උද්ගෝෂණ මග හැරි අතර අනෙක් දිස්ත්‍රික් තුළ දැඩි දුෂ්කරතා මද්‍යයේ ඒවා සංවිධාන කෙරිණි.එම කටයුතු සදහා ඒකාබද්ධ විපක්ෂයෙන්ද කිසිදු සහයක් නොලැබිණි.ඉද හිට voice cut එකක් දීම පමණක් එහි නායකයන් සිදු කළේය එම කටයුතු සදහා මුදල් සොයා දීමට ජානීපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනාට පැවරිණි.එක් අයෙකුට ලක්ෂ පහ බැගින් සොයාදීමට නියම විය.සියලු දෙනා මග හරිද්දී මොණරකොළ හොයා දුන්නේ වීරකුමාර දිසානායකය.ඒ වෙනුවෙන් සිය මව සිටින නිවස ඔහු උකස් කළේය.එසේ කළේ රුපියල් ලක්ෂ 70 වඩා සිය ගිණුම්වල වාහන විකුණා දමා ගත් මුදල් තිබෙන මන්ත්‍රීවරුන් සිටියදීය.

අබියෝග කරන්නේ නම් නම් ගිණුම් අංක සහිතව විස්තර කීමට පුලුවන.එදා බොහෝ දේශපාලන මණ්ඩල සබිකයේ විමල් පතුරු ගසමින් මග හරින විටදී පක්ෂයේ නියෝජය නායකයා ලෙස බර කර ගැසුවේ වීරකුමාරය. සමහරු ලොක්කාගේ අපචාර ගැන කියමින් මග හැරියේය.ඔවුන් කීවේ එම ක්‍රියා සම්පූර්ණ වසයෙන් නොදැක්කදා කණ.කට.නහය.ඇස වෙන වෙනම දුටු බවයි.සමහරු විමල් ගත් මොණරකොළ ගැන කීවේය.ඉන්ජිනේරු සංස්ථාවේ මොණරකොළ මිලියන 4000 ක් ගත් බව කීයූ අය තවත් සිටින්නේ ජානීපෙ දේශපාලන මණ්ඩලයේය. විමල්ගේ මුදල් සගවා ඇති තැන් හා පුද්ගලයින් ගැන හා ඔහුගේ වෙනත් නම් වලින් ඇති ගෙවල් ගැන කිව්වේ වීරවංශ මහතා සමග ඉජිනේරු සංස්ථාවේ එකට සිටි අයයි.එසේම වීරවංශ මහතා සම්බන්ධකම් පවත්වන බුද්ධි අංශ හා රෝ සාමාජිකයින් තමාටද හමුවූ බව කීවේ ඔහු සමග අද පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරයෙකි.වීරවංශ මහතා උපවාස කර මැරුනත් ඔහු බැලිමට නොයන බව කීවේ අද වීරවංශ මහතා හොදින්ම සංතර්පණය කරණ හම්බන්තොට දිස්ත්‍රික් නායකයායි.මෙවැනි ව්‍යාකූල තත්වයකදී සිටින කීපදෙනා හෝ එකතු කරගෙන ප්‍රස්න කල් දමාගෙන සටන ඉදිරියට ගෙන ගියේ කවුදැයි දන්නෝ දනිති.

image 1473847752 d36acb39ac 200x300වීරවංශ මහතා බන්ධනාගාර ගතව සිටි කාළය පුරාවටම කොළඹ යාන්ත්‍රනය රුකගත්තේ වීරකුමාර දිසානායකය.කොළඹ දිසා කමිටුව කැදවීම ජයන්ත සමරවීර මහතා ප්‍රතික්ෂේප කළේය.දින 87 න් එක දිනයක් වත් කොළඹ නොපැමිණි දේශපාලන මණ්ඩලය සබිකයන්ද සිටියේය.කොළඹ පැමිණියද බන්ධනාගාරයට නොගොස් මූලස්ථානයට වී කම්කර සංවිධාන කැදවමින් අවකරණ ගැන කතා කළ කම්කරු නායකයන්ද සිටියේය.එවන් තත්වයකදී විමල් වීරවංශ මහතා නිදහස් කර ගැනීමට සියලු උත්සාහයන් දැරුවේ වීරකුමාර හා තව කීපදෙනෙක් පමණි.ඔහුට ඇප ලබා ගැනීමට අප නොකළ දෙයක් නැත.වීරවංශ මහතා දැනුවත්ව අප ජනාධිපතිවරයා පවා හමුවිය.

දිවයිනේ ප්‍රසිද්ධ නීතිඥවරුන් හමුවිය.තවත් බොහෝ දෙනා හමුවිය.එහෙත් ඔවුන්ගේ ආරක්ෂාව පතා එම නම් ගම් හෙළි නොකරමි. ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කරන විටදී වීරවංශ මහතාගේ පවුලෙන් හා ඥතීන්ගෙන් ප්‍රමානවත් සහයක් නොලැබිනි.ඔවුන් පක්ෂයට දොස් කියමින් facebook post පවා දැම්මේය. විමල්ගේ එක් ඥතියෙකු වීරකුමාර සහෝදරයාගෙන් ගුටි නොකා බේරුනේ අනූ නවයෙනි. උපවාසයෙන්ද ඇප නොලැබු වීරවංශ මහතාට රෝහල් ගත කළ පසු ඇප ලැබිනි.එවිට නැවත ඔහු වටා දේශපාලන මණ්ඩලයේ සටනට නොසිටි සහෝදරයෝ රොක් විය.එයින් පසුව රැස්වු දේශපාලන මණ්ඩලයේදී සියලු වැරදිවලට සමාව ඉල්ලූ විමල් වීරවංශ මහතා වැරදි සාදා ගැනීමට මාස තුනක කාළයක් ඉල්ලා සිටියේය.නමුත් මාස තුනෙන් පසු සියල්ල වෙනස් විය.නැවත විමල් පරණ ගමනම ගියේය.ප්‍රථිපලය ජානීපෙ සුණු විසුණු වීමයි.එදා අප එළියට බහින විටදීද වීරවංශ මහතා මොණරකොළ කතාව කීවේය.එදා ඔහු වෙනුවෙන් සිටි අය ඉලක්ක කර අද ප්‍රහාරය පටන් ගෙන ඇත.

ඒ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලතම කදවුරෙන් ඔහුට එල්ලවන ප්‍රහාරය හමුවේ අසරණ වී ඇති ආකාරය වසන් කිරීමටය.මා වීරවංශ මහතාට පවසන්නේ එදා බන්ධනාගාරයෙන් එළියට පැමිණි පසු රැස්වූ දේශපාලන මණ්ඩලයේදී ඔහුට කී කතාවමය. බල්ලන් ගැට ගසා දමා උඩ බිරීම නවතන ලෙසයි.මෙම ලිපිය ලිවීමට මා හටද වීරකුමාර සහෝදරයා මොණරකොළ දුන් බව වීරවංශ මහතා පවසනු ඇත.නමුත් මාහට වීරවංශ මහතාට අනුව ලිවීමේ හැකියාවක් නොමැතී කියාඔහු කියා තිබෙන චෝදනාව නිසි බරින් එල්ල කිරීමට දැන් ඔහුට නොහැකිව ඇතැයි සිතමි.කෙසේ උවත් මා ඊට බය නැත.මා සිටි ඉතිහාසය නිවැරදිය.ඒ වෙනුවෙන් මා සෘජුව පෙනි සිටිමි.ඒ කාලය පුරා අවංකව මා සමග සිට සටන් කල සටන් සගයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව මා පෙනී සිටිමි.මන්ද අප වීරවංශ මහතා මෙන් පාවා දෙන්නන් නොවන නිසායි.

ප්‍රියන්ජිත් විතාරණ

ජා.නි.පෙ හිටපු ප්‍රධාන ලේකම්