breaking news – ශ්‍රීලනිප ඇමතිවරු 15ක් සහ නියෝජ්‍ය කතානායක ඉල්ලා අස්වෙති

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීට ටික වේලාවකට පෙර භාර දුන් බව රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග මීට සුළු වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවේදියි. විශ්වාසභංගයෙන් අනතුරුව ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊට සහයෝගය දැක් වූ මැති ඇමතිවරුන් 16 දෙනා සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා විසින් කැඳවා තිබුණා.

එහිදි එම මැති ඇමතිවරුන් 16 දෙනා තීරණය කර ඇත්තේ ආණ්ඩුව තුළ දරණ සියලු තනතුරුවලින් ඉවත් වීමටයි. ඉල්ලා අස්වූ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් ජනාධිපතිවරයාට සහාය දක්වන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ඉල්ලා අස්වූ කැබිනට් ඇමැතිවරුන් –  සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, චන්දිම වීරක්කොඩි, එස්.බී දිසානායක

ඉල්ලා අස්වූ රාජ්‍ය ඇමැතිවරුන් –  ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුසන්ත පුංචිනිලමේ, ටීබී ඒකානායක

ඉල්ලා අස්වූ නියෝජ්‍ය ඇමැතිවරුන් – සුමේධා ජී ජයසේන, අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා