මහනුවර ගැටුමට සම්බන්ධ කෝප්‍රල්වරුන් දෙදෙනෙක් අත් අඩංගුවට

පසුගිය මාර්තු මාසයේදී මහනුවර, පූජාපිටිය, අඹතැන්න ප්‍රදේශයේදී ආගමික සිද්ධස්ථාන සහ වෙළඳසැල්වලට ගිනි තබා අලාභ හානි කිරීම සම්බන්ධයෙන් සේවයේ නියුතු යුධ හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන දිසාව විසින් එම කෝප්‍රල්වරුන් දෙදෙනා ඊයේ අත් අඩංගුවට ගත් බවය.

ඉන් එක් කෝප්‍රල්වරයකු 143 වන බල සේනා මූලස්ථානය නියෝජනය කරන අතර අනෙක් කෝප්‍රල්වරයා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව නියෝජනය කරන්නෙකි.