වසර 35 කට පසු සවුදි අරාබියට සිනමා ශාලාවක්

වසර 35 කට පසු සවුදි අරාබියේ පළමු වරට සිනමා ශාලාවක් විවෘත කිරීමට නියමිතය. ඉදිරි වසර පහක කාලය තුළදී නගර පහළොවක සිනමා ශාලා 40ක් විවෘත කිරීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කර ඇත.

පළමු සිනමා හල මේ මස 18 වන දින රියාද් නුවරදී විවෘත කෙරේ.එදිනට සිනමා ලෝලීන් වෙනුවෙන් ‘Black Panther’ චිත්‍රපටය තිරගත කරනු ඇත.

ඉස්ලාම් නීතිය යටතේ සවුදි අරාබිය තුළ සිනමා ශාලා 1980 වසරේදී තහනම් කෙරුණි. සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් ක්‍රියාත්මක කරමින් සිටින සමාජීය සහ ආර්ථික ප්‍රතිසංස්කරණවල තවත් එක් පියවරක් ලෙසයි නව සිනමා ශාලා ආරම්භ කෙරුණි.

ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ, කාන්තා පිරිමි ලෙස සිනමා ශාලා තුළ කොටස් වෙන් නොකෙරෙනු ඇති බවය. කෙසේ වෙතත් කුමන ආකාරයේ සිනමා නිර්මාණ මෙම සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය සඳහා අවසර ලැබෙන්නේ ද? යන්න පිළිබඳව ත් පැහැදිලිවී නොමැත.

එරට ආර්ථීකයේ පරිවර්තනයක් සිදු කරමින් වැඩි වශයෙන් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම ඔටුන්න හිමි කුමරුගේ අපේක්ෂාව වී තිබේ.