ඡන්ද පහක් ගන්න බැරි මලික්, මාරපන, ස්වාමිනාදන් මොන බම්බුවක්ද රටට කලේ..? – වසන්ත සේනානායක (VIDEO)

ඡන්ද පහක් ගන්න බැරි ජාතික ලයිස්තුවෙන් ආ අගමැතිවරයාගේ මිත‍්‍රයන් එම මිත‍්‍රකමටම ප‍්‍රධාන අමාත්‍යංශ ලබා දී ඇති බවත් ඔවුන් කල් ඉකුත්වූ හෝ කල් ඉකුත් වෙන්න ඔන්න මෙන්න පුද්ගලයන් බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා චෝදනා කරයි.

“ස්වාමිනාදන් කලේ මොන බම්බුවක්ද රටට.. මාරපන හැම ආණ්ඩුවෙම ඉන්නවා ඇත්ටම රටට සේවයක් වෙනවද ඒ අයගෙන්.. මලික් සමරවික‍්‍රමගෙන් රටට වැඩක් තිවෙනවද ගමට වැඩක් තියෙනවද.. ඡන්ද පහක් ගන්න පුළුවන්ද.. ? මේ අය තියාගෙන මේ ගමන යන්න ගියොත් අපි විනාශ වෙනවා” යයිද කී ඔහු තමන්ගේ බෙල්ල ගියත් මේ සටන් සිටින බවද කීය.

එත්සත් ජාතික පක්‍ෂය තුල සැලකිය යුතු මට්ටමේ වෙනසක් සිදු නොකලහොත් පක්‍ෂයේ කණ්ඩායම් විවිධ විවිධ ස්තානයන්ට යනු ඇති බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පවසයි. මෙම වෙනස්වීම් ඉතා ඉක්මනින් විය යුතු බවත් මේ සදහා පක්‍ෂ නායකත්වයට වැඩි කාලයක් නෙදෙන බවත් ඔහු සදහන් කරයි.

මේ ආකරයේ වැඩකට නැති කැබිනට් වෙනස්කම් කරමින් ජනතාව රැවටිය නොහැකි බවත් ගම්ම මට්ටමට යාගත නොහැති බවත් රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි.

 

ඇමතිවරාය මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැඩසටහන හා එක්වෙමිනි.