කාළගුණය අයහපත් අතට – ධීවර කටයුතු සඳහා අවදානම් තත්ත්වයක්.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට මුහුදු කළාපයෙන් තුනෙන් දෙකක කලාපයක් මේ වන විට ධීවර කටයුතු සඳහා අවදානම් තත්ත්වයේ පවතින බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.

යාපනය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇති විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල පැයට කිලෝමීටර 80 දක්වා වන තද සුළං ඇති විය හැකි බව සඳහන්.

සෙසු මුහුදු ප්‍රදේශවල ද පැයට කිලෝ මීටර 50 ක පමණ වේගයකින් යුත් සුලං ඇති විය හැකියි.

ඒ හේතුවෙන් අදාළ මුහුදු කළාප වල ඉදිරි පැය 48 තුළ ධීවර කටයුතු වල නොයෙදෙන ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවරයින්ගෙන් ඉල්ලා සිටින්නේ.