අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්වු ආනමඩුවේ ‘මදීනා’ යලි වැඩ අරඹයි.

ආණමඩුව නගරයේ තිබූ ආපන ශලාවකට (11) ඊයේ අලුයම කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කිරිමට කම්පා වූ නගරයේ ව්‍යාපරික සංගමය හා ජනතාව එක්ව දිනක් ගතවීමටත් මත්තෙන් අදාල ස්ථානය තිබූ තත්වයට ගෙන ඒමට කටයුතු කර තිබුණි. මේ කටයුතු සඳහා සිංහල , දෙමළ , මුස්ලිම් සියලු දෙනාම එක්ව තම දායකත්වය දක්වන ආකාරය දැක ගත හැකි විය.

එම ව්‍යාපාරිකයාට සාධාරණයක් ඉටු කරමින් ආණමඩුව නගරයට කළු පැල්ලමක් එක් කිරීමට උත්සහ කළ කඩාකප්පල් කාරින්ට පාඩමක් කියා දෙමින් ගිනි ගෙන විනාශ වූ ආපන ශාලාව යලි සකස් කර දීමට කටයුතු කටයුතු කර තිබුණි. අන්තවාදීන් කීපදෙනකු විසින් ගිනිතබා විනාශ කරන ලද ආනමඩුව ‘මදීනා’ හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීහු පියවර ගත්හ.

ඊයේ (11) අලුයම 2.00 ට පමණ එල්ල කර ඇති  පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශයට පත් වී තිබුණි. අළුයම 2.15 ට පමණ යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙන අතර හෝටලයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී තිබුණි.

 'මදිනා' හෝටලය ගිනි තැබීම: සැකකරුවන් හතක් අත්අඩංගුවට

'මදිනා' හෝටලය ගිනි තැබීම: සැකකරුවන් හතක් අත්අඩංගුවට