සරසවි සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදුන් කෙහෙළියගේ පුතාට පොලිස් ඇප.

නාවල නාරාහේන්පිට ‘ලේක්  විව් ඩ‍්‍රයිව්‘ පාරේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු රිය අනතුරකට ලක්කර පහරදීම  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රමිත් රඹුක්වැල්ල රුපියල් 10,000 ක ඇප බැදුම්කරයක් මත නාරාහේන්පිට පොලීසිය විසින් මුදා හැර ඇත.

අපරික්ෂාකාරී රිය ධාවනය සහ බීමතින් රියපැදවිම යන චෝදනා පමණක් සදහන් කරමින් පොලිසිය විසින් රමිත් රඹුක්වැල්ල මෙලෙස පොලිස් ඇප මත නිදහස් කරඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල විසින් රිය අනතුර සිදුවු අවස්ථාවේදී නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව ඊයේ නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තද පොලිසිය විසින් ගිනිඅවියකින් පහරදීම සම්බන්දයෙන් ඔහුට චෝදනා එල්ලකර නොමැත. එම හේතුව නිසාම ඔහු පොලිස් ඇප මත නිදහස්කර තිබේ. ගිනි අවියකින් පහරදීම හා තර්ජනය කිරීම අධිකරණයේදී ඇපදිය නොහැකි ගණයේ වරදක්වේ.