අන්තවාදීන් විසින් ගිණිබත් කල ආනමඩුව මදීනා හෝටලය, මිනිස් දෑතින් දවසින් යළි ඉදි කෙරෙයි

අන්තවාදීන් කීපදෙනකු විසින් අද අළුයම (මාර්තු 11) ගිනිතබා විනාශ කරන ලද ආනමඩුව ‘මදීනා’ හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීහු පියවර ගත්හ. ඊයේ රාත්‍රී ගිණි තැබූ ආනමඩුව මදීනා මුස්ලිම් හෝටලය ප්‍ර‍තිසංස්කරණය මේ වන විට ස්වෙච්චා පදනමින් ඇරඹී ඇත. මේ ජනතා සහභාගීත්වයෙන් එහි වහල සකස් කරන ආකාරයයි. පළාතේ දේශපාලන නායකත්වය ද ව්‍යාපාරික මෙම ස්ථානයට පැමිණ කටයුත්තට නායකත්වය ලබා දෙමින් සිටී. ඒ අනුව ආණමඩුවේ 250 කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් හෝටලය ප්‍ර‍තිසංස්කරණය කිරීමට එක්වූහ.

“රාත්‍රී හතට පෙර අපි මේ ආපන ශාලාව නැවත විවෘත කරනවා. ආනමඩුව නගරයේ තියෙන එකම මුස්ලිම් හෝටලය මෙයයි. අපි හැමදාම සාමයෙන් ජීවත් වූ පිරිසක්” එම මෙහෙයුමට එක්ව සිටි පුද්ගලයෙක් කියා සිටියේය. පැවසීය.

ගින්න නිවා දමා හෝටලය කලින් පැවති අයුරින් සකස් කිරීමට පියවර ගත් ඔවුහු පස්වරු පහ පමණ විට විනාශයෙන් සියයට හැත්තෑපහකට වැඩි වැඩ කොටසක් නිම කිරීමට සමත් වූහ. එම ස්ථානයට රැස් වූ සියලු ජන කොටස්වල මැදිහත්වීමෙන් ‘ආනමඩුව වෙළද සංගමය’ විසින් එක දිනක් ඇතුළත හෝටලය යථා තත්වයට පත්කරනු ලැබීම කාගේත් පුදුමයට හේතු විය.

අළුයම 2.15 ට පමණ හෝටලයට ගිනිතබා ඇත්තේ පාපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් යයි සැලකෙන අතර, එම ගින්නෙන් හෝටලයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇත. යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙන අතර හෝටලයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇත. ප්‍ර‍හාරයට පැමිණි යතුරුපැදි කරුවන් ගේ දර්ශන සීසීටීවී කැමරාවන්ගේ සටහන් වී ඇති බව ද තහවුරු නොකළ ආරංචි මාර්ග දක්වයි.

ව්‍යාපාරික ප්‍ර‍ජාව පවසන්නේ අද(11) රාත්‍රීයේ කෙසේ හෝ මෙම ආපන ශාලාව විවෘත කිරීමට කටයුතු කරන බවයි.

යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙයි

මදීනා හෝටලය විනාශ කර දමා ඇති ආකාරය