‘නීතිය හා සාමය’ ෆොන්සේකාට දෙන්න එපා…! – මහින්ද ජනපති මෛත්‍රි ලග වැදවැටේ.

නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකා හට කිසිසේත්ම ලබානොදෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා එක හෙළාම බගෑපත්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ. පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවීමක් පැවති අතර එහිදී මෙම ඉල්ලීම සිදුකර තිබේ. මෙම හමුවීම සිදුවුයේ ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාට අයත් නිවසකදී ය.

“අපි ඕන සහයෝගයක් දෙන්නම්, රනිල්ව අගමැති තනතුරරේ තියාගෙන එජාපයත් සමග ඔබතුමා මේ විදිහටම කරගෙන යන්න. අපි කිසිම විදිහකින් බාධා කරන්නෙ නෑ. හැබැයි එකම ඉල්ලීම නීතිය හා සාමය, ෆොන්සේකාට නම් දෙන්න එපා. දුන්නොත් සේරම වැඩ අවුල් වෙනවා.” යැයි එහිදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකා මහතාට පැවරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මහින්ද පාර්ශ්වය දැඩි සේ කලබලයට පත්ව ඇති අතර එම තීරණය කණපිට හැරවීම සඳහා ඔවුන් දැඩි උත්සාහයක් ගනිමින් සිටී. මහින්ද රාජපක්ෂගේ අදහස වන්නේ ෆොන්සේකා මහතා පෞද්ගලික තරහ පිරිමසා ගැනීමට කටයුතු කරනු ඇති බවයි. 2010 ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂ මහතා සිය ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබීම මේ සදහා හේතුවී තිබේ.

 මීට පෙර පැවති ජනාධිපතිවරයා හා ෆොන්සේකා මහතා අතර පැවති සාකච්ජා අනුව අඟහරුවාදා එනම් හෙට (06) තිබෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දිවුරුම් දීමට නියමිත ව සිටියේය. නමුත් මෙම අලුත් තත්වයත් සමග පෙනී යන්නේ එය බොහෝවිට සිදුනොවන දෙයක් බවට පත්ව ඇති බවයි.

මේ අතර දැනට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ භාරයේ ඇති නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට දිම කෙරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධතාවක් පැන නැගී ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ වුවද එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික මතයක් මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු මතය නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා