ජනපති මැදුර අසළ පුද්ගලයෙක් වෙඩි තබා ගනී.

අමෙරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා ද වෙඩි තබා ගෙනම  සිය දිවි හානි කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් වෙනත් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නැහැ.

එම අවස්ථාවේදී ධවල මන්දිරය ඉදිරිපිට පුද්ගලයින් රැසක් රැදී සිට ඇති අතර ඔවුන් වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී දිවයන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද මේ වන විට සමාජජාල මාධ්‍ය ඔස්සේ  හුවමාරු වෙමින් පවතිනවා.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප් ධවල මන්දිරයේ රැදී නොසිටි බව සඳහන්. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ මෙතෙක් තොරතුරු අනාවරණ කර නැහැ.