අර්ජුන් මහේන්ද්‍රන්ගේ බිරිඳ සිංගප්පූරුවේදී රහසිගතව අගමැති රනිල් හමුවෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සිංගප්පූරුවේ නිළ සංචාරයක නිතරවෙමින් සිටින අතර එහිදී මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බිරිඳ සහ අගමැතිවරයා අතර හමුවක් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලේසියන් මහතාට ඇප ලබාගැනීමේ අරමුණෙන් සිදුව ඇති බව වාර්තා වේ. ලබන සතියේ ඔහු උසාවියට ඉදිරිපත් කලවිට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයක් නොමැති බව අධිකරණයේදී ප්‍රකාශ කරන ලෙස මෙහිදී ඇය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.
වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව වෙත ලඟාවීමෙන් අනතුරුව මහේන්ද්‍රන් මහතාගේ බිරිඳ අවස්ථා කිහිපයකදීම අගමැතිවරයා අමතා ඇති අතර ඇය ඉල්ලා ඇත්තේ කෙසේ හෝ හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි. අගමැතිවරයා හමුවී ඇති ඇය ඉල්ලා ඇත්තේ සිය බෑණා කෙසේ හෝ ඇපමත නිදහස් කරන ලෙසයි. ඇලෝසියස් ඇපලබා එළියට පැමිණීමෙන් අනතුරුව ඉතිරි කටයුතු තමන්ට සිදුකර ගත හැකි බවත් ඒ නිසා කෙසේ හෝ ඔහුට ඇප ලබාගැනීමට මැදිහත් වන ලෙසත් මහේන්ද්‍රන් මහත්මිය අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මේ අතර රජයේ ආරංචිමාර්ග පවසන්නේ ලබන සිකුරාදා හෝ ඉන් පසු ආසන්නතම දිනකදී අර්ජුන් ඇලෝසියස්ට ඇප ලැබීමට නියමිත බවයි. ලබන සිකුරාදා ඇලෝසියස් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන් අධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ සඳහා අධිකරණයෙන් ඔවුනට යහපත් පිළිතුරක් ලැබෙනු ඇති බව ද වාර්තා වේ.