“මම ඇමරිකානු පුරවැසියෙක්. මට ශ්‍රී ලංකාවේ අගමැති වෙන්න බෑ“ – ගෝඨා

“මම ඇමරිකානු පුරවැසියෙක්. මට ශ්‍රී ලංකාවේ අගමැති වෙන්න බෑ“ යයි ඊයේ(12) උදෑසන තම මව් රටවන ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවසීය‍. පසුගිය මැතිවරණ සමයේ ශ්‍රී ලංකාවෙන් බැහැරව ඇමරිකාවේ කාලය ගතකල ගෝඨාභය රාජපක්ෂ ජන්ද ප්‍රථිපල නිකුත්වීමෙන් පසු ඊයේ නැවත ලංකාවට පැමිණියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය රජයේ ආරක්ෂක ලේකම්වරයාද විය. ඔහුට එරෙහිව රාජපක්ෂ පාලන සමයේ සිදුවු වංචා දුෂන මෙන්ම පැහැරගැනීම් හා ඝාතන සිදුවීම් ගණනාවක් අලලා නීතිය ක්‍රීයාත්මකවීම පසුගිය සමයේ ඇනහිට තිබීම විශේෂත්වයකි.