ජනතා බලාපොරොත්තු හා මැතිවරණය ප්‍රතිඵල මත තීරණයක් ගන්න – ජනපති, අගමැතිට කියයි.

ජනතා බලාපොරොත්තු සහ මැතිවරණ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් තමාට තීරණයක් ගැනීමට සිදුව ඇති බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්  රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට දැනුම් දී ඇති බව සඳහන් වේ.  ඒ ඔවුන් දෙදෙනා  අතර පසුගියදා පැවති සකච්ඡාවකදීය. එමෙන්ම ඊට ප්‍රථම මේ තත්වය පිළිබඳ අවධානය යොමුකරමින්, අග්‍රාමාත්‍යවරයාටම තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවත් සඳහන් වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(12) රාත්‍රියේදි පැවති අතර පැය 02 ක පමණ කාලයක් එම සාකච්ඡාව පවත්වා තිබේ. මෙම සාකච්ඡාවට අමාත්‍යනරුන්න් වන මලික් සමරවික්‍රම , කබීර් හෂීම් , මහින්ද අමරවීර , සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුන්ද සහභාගීවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.