මාලදිවයිනේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි – හිටපු ජනපති හා අගවිනිසුරු අත්අඩංගුවට

මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් විසින් එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එරට පොලිසීය විසින් අගවිනිසුරු අබ්දුල් සාහීඩ් සහ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් අත්අඩංගුවට ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේය.

රටේ පවතින දේශපාලනික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් දින 15 ක කාලයක් මෙලෙස හදිසි තත්ත්වයක් එරට ජනාධිපතිවරයා විසින් ඊයේ(05) දිනයේ දී ප‍්‍රකාශයට පත් කෙරිණි.