breaking news – අර්ජුන් ඇලෝසියස්‌ හා කසුන් පලිසේන අත්අඩංගුවට.

මහා භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්‌ෂණවල සැකකරුවන් ලෙස අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්‌ හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන දෙදෙනා මීට සුළු මෙහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

අර්ජුන ඇලොසියස් මහතා මල්වත්ත පාර ඔහුගේ නිවසේදීද කසුන් පලිසේන මහතා වැල්ලවත්ත අර්තුසා පාරේ පිහිව් ඔහුගේ නිවසේදීද මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අද(04) උදේ අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තාවේ.

කෙසේ වෙතත් පලාත් පාලන මැතිවරණය ආසන්න වනවිට මෙවැනි අත්අංංගුවට ගැනීම් සිදුවිය හැකිබවත් ඒවා දේශපාලන වාසී ලබාගැනීම සදහා කරන රංගනයන් බවද විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් ගණනාවක්ම පසුගියදා සදහන්කරන ලදි.