අර්ජුන් ඇලෝසියස්ගේ ‘බැදුම්කර’ පත්තරේ ‘දෙරණ’ මිලදීගනී.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්  විසින් බැදුම්කර වංචාවෙන් ලබාගත් මුදල් යොදා ආරම්භ කළ ජනයුගය (බැදුම්කර) පුවත්පත දෙරණ ආයතනයේ හිමිකරුවන දිලිත් ජයවීර මහතා විසින් මිලදිගෙන ඇති  බව වාර්තා වේ. මේ වනවිට බැදුම්කර පුවත්පතේ කටයුතු නතර කර ඇති අතර දිලිත් ජයවීර ජනයුගය පුවත්පත මිලදී ගතහොත් ‘දෙරණ’ නමින් සිංහල පුවත්පතක් සහ ඉංග්‍රීසි පුවත්පතක් ද ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම ගනුදෙනුවේ පළමු පියවර ලෙස ජනයුගය පුවත්පතට අයත් මුද්‍රණාලය පළමුව මිලදී ගැනීමට දිලිප් ජයවීර සහ දෙපාර්ශ්වය එකඟ වී තිබේ.
විශාල මුදලක් ආයෝජනය කරමින් ජනයුගය පුවත්පත ආරම්භ කළ අතර ඒ සඳහා අලුතෙන්ම මුද්‍රණාලයක් ද ස්ථාපිත කෙරිණි. පුවත්පත් ක්ෂේත්‍රයේ සිටි මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඉහළ වැටුපකට ජනයුගය පුවත්පතට සම්බන්ධ කරගැනීමට ද අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කළේය. මෙම පුවත්පත ආරම්භ කිරීමේ අරමුණ වුයේ එජාපයට හිතවත් මාධ්‍යය බාවිතාවක් ඉන් ක්‍රියාවටනැගීම වුවත් සමාජ මතය ඊට ප්‍රබලවු බැවින් එම කාර්යය සාර්ථක කරගැනීමටද ඔවුන්ට නොහැකිවිය.
ඇලෝසියස් මහතාට අයත් ව්‍යාපාර 28 හි බැංකු ගිණුම් අත්හිටුවීමට බැංකු මුල්‍ය බුද්ධි ඒකකය කටයුතු කිරීමත් සමගින් පුවත්පත වැසීගිය අතර මේ වනවිට එහි සියලු කටයුතු අත්හිටුවා තිබේ.
දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර මෙරට ප්‍රමුඛතම වෙළඳ ප්‍රචාරණ ආයතනයක් වන ට්‍රයි ඇඩ් ආයතනයේ හිමිකරු ද වේ. මේවනවිට පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේ එජාප ප්‍රචාරක කටයුතු එම පක්ෂය විසින් ලබාදී ඇත්තේද දිලිත් ජයවීරගේ ‘ට්‍රයි ඇඩ්’ ආයතනයටය.
Related image