දකුණු කොරියාවේ රෝහලක ගින්නකින් 41 මරුට

දකුණු කොරියාවේ රෝහලක හටගත් ගින්නකින් 41දෙනකු පමණ මියගොස් 70දෙනකු පමණ තුවාල ලබා ඇත. තුවාල ලැබූ අටදෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මියගිය සංඛ්‍යාව ඉහල යාමට ඉඩ ඇති බව වෛද්‍යවරු පවසති.

සේජොං රෝහලේ පළමුවන මහලේ පිහිටි හදිසි ප්‍රතිකාර ඒකකයේ ආරම්භ වී ඇති ගින්න ඉතා ඉක්මනින් පැතිරුණු බවත් එය නිවා දැමීමට පැය කිහිපයක් ගතවූ බවත් ගිනි නිවන අංශ ප්‍රධානි පවසයි.

ගිනිනිවන අංශ විසින් ප්‍රධාන රෝහල් ගොඩනැගිල්ලේ සිරවී සිටි 200ක පමණ පිරිසක් බේරාගෙන ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බව බලධාරීහු පවසති.

දකුණු කොරියාවේ අගනුවර වන සියොල් නගරයට කිලෝමීට් 270ක් පමණ දුරින් මිර්යැන්ග් නගරයේ මෙම රෝහල පිහිටා ඇති අතර ගින්න හටගන්නා අවස්ථාවේ රෝහලේ නේවාසික රෝගීන් 200ක් පමණ සිට ඇති බව වාර්තා වේ.