රොමේනියාවේ අගමැති ධුරයට පළමු වරට කන්තාවක් පත් වෙයි

යුරෝපා රාජ්‍යයක් වන රොමේනියාවේ අගමැති ධුරය පත්වු පළමුවැනි කාන්තාව ලෙස වරම් ලැබිමට 54 හැවිරිදි විරෝසියා ඩන්සිලා සමත් ව තිබේ. ඇයට එම ධුරය හිමිවූයේ එම ධුරයේ කටයුතු කළ මිහායි ටුඩෝස් හදිසියේ ඉන් ඉවත්වීම නිසාය.

ඩන්සිලා යුරෝපා පාර්ලිමේන්තුවේ ද සාමාජිකාවක් වන අතර ඇය පාලක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ලිවියු ඩ්‍රැග්නේගේ සහායිකාවක් වන බව විදෙස් වාර්තා පවසයි.

රොමේනියාවේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් පසුගිය මාස 7 ක කාලය පුරාවට අගමැති ධුරය තෙවරක් වෙනස් වු බවත් විදෙස් වාර්තා වැඩි දුරටත් පවසයි.