නත්තල් ගස් කැපීමට එරෙහිව නිරුවතින් විරෝධතාවක නිරත වූ සරසවි සිසුවිය මෙන්න

නත්තල් ගස් වෙනුවෙන් වනාන්තර වලින් ගස් කැපීමට එරෙහිව නිරුවත් විරෝධතාවයක යෙදුන සරසවි සිසුවියක පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස විරෝධතාවයේ නිරතව ඇත්තේ රුසියාවේ සයිබීරියා ප්‍රදේශයේ ඉර්කුට්ස්ක් නගරයේ විශ්වවිද්‍යාල සිසුවියක වන ලියානා ක්ලෙව්ට්සෝවා යි.

දැඩි ශීතල ද නොතකා ඇය මෙම විරෝධතාවය දක්වා ඇත්තේ නත්තල් ගස් වෙනුවෙන් ෆර් ගස් කැපීමට එරෙහිවයි.

නත්තල් සැරසිලි කිරීමට අවශ්‍ය නම් එය ස්වාභාවිකව පවතින ගසක් යොදාගෙන කරන ලෙස ඇය කියා සිටියේ විදුලි බුබුලුවලින් සැරසූ ෆර් ගසක් අසළ සිටගෙන වීම විශේෂත්වයක්.

එහිදී නිවෙස සැරසීමට අවශ්‍ය නම් ඇති තරම් කෘත්‍රිම ගස් මිලට ගත හැකි යයිද ඇය පෙන්වා දුන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.