බැදුම්කර වංචාවට හවුල් වු රවීට 2001 සිදුකල සහල් වංචාවකට අධිකරණයෙන් කැදවීමක්.

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයෙන් පත්කරන ලද බැදුම්කර කොමිසම මගින් මේවනවිට වැරදිකරුවෙකු බවට තහවුරුවී සිටින හිටපු අමාත්‍ය රවී කරුණානායකට මීට වසර 15කට පෙර වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ලෙස සහල් අලෙවි කිරීමේදී සිදුකරන ලද වංචාවක් සම්බන්දයෙන් අධිකරණයෙන් කැදවීමක් සිදුකර ඇත.

ඒ අනුව රවී කරුණානායක මහතාට ලබන මාර්තු මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මගින් සීතාසි නිකුත් කර තිබෙනවා. ඒ  ආනයනික සුදු කැකුලු  සහල් විකිණීමේ ක්‍රියාවලියේදී මිල දර්ශකයකට පටහැනිව සහල් මෙටි්‍රක් ටොන් 1000 ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 04ක් අවභාවිතා කළ බවට වූ නඩුවකට අදාලවයි.
අදාළ නඩුව වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා රවී කරුණානායක මහතාට මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්. 2001 -2002 යන වසරවලදී එම ගණුදෙනු සිදුව ඇති අතර එවකට වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත්තේ රවී කරුණානායක මහතායි.