ශ්‍රී ලංකා එක්දින හා 20 -20 නායකත්වය නැවතත් ඇන්ජලෝ මැතිවුස්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක් දින  සහ 20 යි 20  නායකත්වය සඳහා යළිත් ඇන්ජලෝ මැතිව්ස් පත් කර තිබෙනවා. කොළඹ දී අද(09) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා මේ බව ප්‍රකාශ කළා.

ආබාදයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වූ අතර ඉන් පසුව දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, තිසර පෙරේරා යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවා. අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වූ ඇන්ජලෝ මැතිව්ස් අදහස් පළ කළා.