ලසන්ත ඝාතනයවී වසර 09යි – ‘යහපාලනය’ නිහඩයි..!

රාජපක්ෂ කළු දශකය තුල ඝාතනය කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ 09 වන අනුස්මරණය අද බොරැල්ල සුසාන භූමියේ දී සිදුකෙරුනා. ඒ පවුලේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ සහභාගීත්වයෙන්. මෙහදී අදහස් දැක්වු මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල් අබේවික්‍රම පැවසුවේ යහපාලන ආණ්ඩුවට වසර තුනක් සම්පුර්ණ වන දිනයේම ලසන්ත ඝාතනට වසර 09ක් සම්පුර්ණ වුවද ලසන්තගේ ඝාතකයින් තවමත් නිදැල්ලේ සිටින බවයි.

බලය ලබා ගැනීම සදහා මැතිවරණ ව්‍යාපාරයේදී නොයෙකුත් පොරොන්දු ලබාදුන්නද අදවනවිට මෙම පරීක්ෂණ යටගොස් ඇතිබව මාධ්‍යය ශේෂ්ත්‍රයේ බොහෝ දෙනාගේ අදහසවී ඇත.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී 2009 වසරේ ජනවාරි 8 වැනිදා අත්තිඩිය ප්‍රදේශයේදී නාඳුනන තුවක්කරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඒ මහතා මියගියා.