මහින්දගේ පසුගමන් ආරක්‍ෂක රථය ත්‍රිරෝද රියක ගැටී 4 ක්‌ රෝහලේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ කාර්ය බළකායට අයත් පසුගමන් ආරක්‍ෂක රථය රාජකාරියක්‌ නිමකර ආපසු කොළඹ බලායමින් සිටියදී කඹුරුපිටිය කිරින්ද මාර්ගයේ මලාන කාන්තා වැඩිහිටි නිවාසය අසලදී ත්‍රිරෝද රථයක්‌ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිවුදෙනකු තුවාල ලබා ආඳපාන රෝහලට ඇතුළත් කර තිබේ.

ත්‍රිරෝද රථ අනතුරින් තුවාල ලබා ඇත්තේ මාතර යටියන පදිංචි කාන්තාවක ඇතුළු සිවුදෙනකු වන අතර තුවාලකරුවන් රෝහල් ගතකරනු ලැබ ඇත. අනතුර සිදුකළ රථයේ රියෑදුරාට අමතරව විශේෂ කාර්ය බළකායේ උපපොලිස්‌ පරීක්‍ෂකවරයකු සහ කොස්‌තාපල්වරුන් දෙදෙනකු ගමන් කර ඇතැයි පැවැසේ.