ශීත කාලගුණය හේතුවෙන් රටවල් රැසකට ආපදා

ශීත කාලගුණය හේතුවෙන් රටවල් රැසක විවිධ ආපදා තත්ත්වයන් වාර්තා වනවා. ඇමරිකාවේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. ඒ, ශීත කාලගුණයේ බලපෑම නිසා ජල නළයක් පුපුරායාම හේතුවෙන්.

මේ අතර ස්පාඤ්ඤයට ද අධික හිම පතනයේ බලපෑම් එල්ලවී තිබෙනවා.

මේ හේතුවෙන් එරට මාර්ග රැසක රථවාහන විශාල සංඛ්‍යාවක් සිරවී ඇති අතර, ඒවා තුළ සිටින සිටින ජනතාවට ආහාර ලබාදීමද ගැටළුවක් වී ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.