භාවනා කරන පුජිතගේ පොලීසියට මහනුවර තරුණයෙක් දත් හතරක් පූජා කරයි – (වීඩියෝ)

විමර්ශනයක් සඳහා ගිය මහනුවර – අලවතුගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් තරුණයෙකුට පහර දීමේ සිද්ධියක් වාර්තා වනවා.පහරකෑමට ලක්වූ තරුණයා චෝදනා කළේ එම නිලධාරීන් තමාගේ අතපය ගැටගසා අමානුෂික ලෙස පහර දුන් බවයි. මෙලෙස පහර කෑමට ලක්වන්නේ මහනුවර අංකුඹුර තලගහකන්ද ප්‍රදේශයේ පදිංචි චන්දන රූපසිංහ නැමැති තරුණයෙක්.

පෞද්ගලික ආරවුලක් මත නිවසින් බැහැරව සිටි තම සහෝදරයාගේ බිරිඳ පොලීසිය සමග පැමිණ ඇයගේ බඩුබාහිරාදිය රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ ඊට විරුද්ධ වීම හේතුවෙන් පොලිසිය තමන්ට පහර දුන් බව එම තරුණයා ප්‍රකාශ කළා.පහරකෑමට ලක්වූ තරුණයා.

චන්දන රූපසිංහ දැක් වූ අදහස් – එතන එස් අයි මහත්තයෙක් ආවා. ඒ.එස්.අයි මහත්තයා මට පිස්ටල් එක නළලට තියලා.මට ගැහුවා.එතකොටම පොලීසියේ ඔක්කෝම එතනට ආවා.

ඇව්ලා මට දඩ බඩ ගාලා ගහන්න පටන් ගත්තා.ලණු වගයක් තිබ්බා ඒ ලණුවලින්ම අත්දෙකයි කකුල් දෙකයි බැදලා එස් අයි මහත්තයා කකුළෙන් පයින් ගැහුවා.

මගේ ඉස්සරහා දත් 4 ක් කැඩුණා.ලණුවක් දාලා බෙල්ල හිර කළා.ඒ හිරකරපු පාරවල් තමයි මේ තියෙන්නේ.එතන හිටපු එක රාළහාමි කෙනෙක් පොල්ලක් කඩාගෙන ගැහුවා.

පොල්ලෙන් ගහපු පාරවල් තමයි මේ තියෙන්නේ අතේ.ගහපු පාර දත් කැඩිච්චි ඒවා තමයි මේ. මහලා තියෙන්නේ ඉස්පිරිතාලෙන්.

වීඩියෝව පහතින් නරඹන්න – වීඩියෝව උපුටා ගැනීම හිරු පුවත්