ජවිපෙ මන්ත්‍රීට පහරදුන් සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිට මාරුවක්

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාට කොළඹ අපරාධ කොට්ඨාශයෙන් දුන් වාර්තාවක් අනුව පරීක්ෂණ අවසන් වනතුරු සපුගස්කන්ද වැඩබලන ස්ථානාධිපතිවරයා මාරුකරන ලෙස සාගල මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. මැතිවරණ කොමිසමේ අනුමැතිය අනුව ඔහුව මාරුකිරීමට නියමිතය. ඒ, ජනතා විමුක්ති පෙමුණේ පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතාට  ස්ථානාධිපතිවරයා සපුගස්කන්ද පොලිසිය තුලදී පහරදීම හේතුවෙනි.

පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා සහ වැඩබලන ස්ථානාධිපතිවරයා අතර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයට අදාළ පරීක්ෂණ වාර්තාව අද දහවල් කොළඹ අපරාධ කොට්ටාසය විසින් අමාත්‍යවරයා වෙත භාර දුන් බව සඳහන්. එහි නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි අමාත්‍යවරයා අදාළ තීරණය ගෙන ඇත්තේ.