කල්ලාරු හස්තියාගේ සිරුරු කොටස් හමුවෙයි

වෙඩි තබා ඝාතනය කළ බවට  සැක කරන කල්ලාරු හස්තියාගේ හිස සහ සිරුරු කොටස් සිලාවතුර මුල්ලිකුලම රක්ෂිතයේ තිබී අද සොයාගෙන තිබෙනවා.
අදාළ ස්ථානයට පොලිස් කණ්ඩායම් දෙකක් මේ වන විටත් පිටත් කර යවා ඇති අතර සොයා ගත් කොටස් සම්බන්ධයෙන් විද්‍යාත්මක විමර්ශනයක් සිදු කිරීමට නියමිතයි.
මෙම ඇතාගේ බවට සැක කරන අඩි 4ක් පමණ දිගැති ඇත්දළ යුවලක් සමග පුද්ගලයින් තිදෙනෙකු පසුගිය දා තන්තිරිමලේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අතර සිලාවතුර පොලිස් වසමේ සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයා ද සිටින බවයි පොලීසිය සඳහන් කරන්නේ. කල්ලාරු හස්තියා මීට මාස 8කට පමණ පෙර සිට විල්පත්තු ජාතික උද්‍යානය හෝ ඒ අවට දක්නට ලැබෙන බවට හමුදාව සහ පොලිස් නිලධාරීන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත දැනුම්දීමක් කර තිබුණා.
අදාළ හස්තියා ඝාතනය කළ සැකකරුවන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.