කතානායක හදිසියේ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ලබන 09 වනදා පෙරවරු 10.00ට කතානායකවරයාගේ නිල කාමරයේදී පැවැත්වෙන බව පක්ෂ නායකයන් වෙත ඊයේ (04) පස්වරුවේදී කතානායකවරයා විසින් දැනුම් දී ඇත.

ඊයේ (04) පස්වරුව වනවිට කතානායක කරූ ජයසූරිය මහතා විසින් මෙම පක්ෂ නායක රැස්වීමට අදාළ කැඳවීම් ලිපි පක්ෂ නායකයන් වෙත යොමුකර තිබේ.

මේ අතර කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන එම පක්ෂ නායක රැස්වීමේදී බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයට පාර්ලිමේන්තුව කැඳවන දිනය ලබන ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද බැඳුම්කර වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව ඊයේ (03) ප්‍රකාශ කළේය.