බරපතල වංචා ජනාධිපති කොමීසමේ අවසන් වාර්තාව ජනපතිට

බරපතල වංචා හා දූෂණ පිළිබඳව විමර්ශනය කිරීම සදහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ.

පිටු 1135කින් සමන්විත මෙම වාර්තාව කොමිසමේ සභාපති පී. පද්මන් සුරසේන මහතා විසින් ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර කොමිසමේ ලේකම් එච්.ඩබ්. ගුණදාස මහතා සහ සෙසු සාමාජිකයින් වන විකුම් කථආරච්චි, ආර්. රණසිංහ, ගිහාන් කුලතුංග, පී.ඒ. ප්‍රේමතිලක යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.