ජවිපෙ බැඳුම්කර වාර්තාව හා වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා ඉල්ලයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වන පනත යටතේ මහ  බැංකු බැඳුම්කර පරීක්‍ෂණ වාර්තාව හා බරපතල වංචා හා දූෂණ පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ලබාදෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ(02) ජනාධිපති කාර්යාලය වෙත ලිපියක් භාරදෙනු ලැබුවා.

ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් කේ.එස්. රවීන්ද්‍රන්  මහතා වෙත අදාළ ලිපිය භාරදුන් බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ.

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ සිදු වූ මහ පරිමාණ වංචා සහ දූෂණ 17 කට අදාළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ වාර්තාව ද ඊයේ(02) මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදීමට නියමිතව තිබෙනවා.