අල්ලස් පනත යටතේ රවීට විරුද්ධව නඩු පැවරිය යුතුයි – බැඳුම්කර වාර්තාව නිර්දේශ කරයි.

ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස්  තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව  වගකීමෙන් බැඳෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට විරුද්ධව අල්ලස්   පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බවත් බැඳුම්කර වාර්තාවේ සඳහන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කර ඇත.