ඒකාබද්ද විපක්‍ෂය මැතිවරණයෙන් පසු එජාය සමග එකතු වෙනවා – වාසුදේව නානායක්කාර

එක්සත් ජාතික පක්‍ෂය සමග වුවද එකතු වී පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට ඒකාබද්ද විපක්‍ෂය සූදානම් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව මැතිවණයට තරග කිරීමට සූදානමක් නැති බවත් ජනතාව කියන්නේ කිසිසේත්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව තරග නොකල යුතු ලෙස බවත් මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති සාකච්චාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

නමුත් මැතිවණයට තරග කිරීමෙන් පසු සභාවන්හි බලයි පිහිටුවීම සම්බන්දයෙන් යම් ගැටළුවක් ඇති වුවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය සමගද එක්ව කටයුතු කිරීමට සූදානම් බවද කී මන්ත‍්‍රීවරයා එවන් පාලනයක් සදහා කොන්දේසි පැනවෙනු ඇති බවද පැවසීය.