විමල්ගෙ දකුණු අතත් ගැලවෙයි – වීරකුමාර දිසානායක මෛත්‍රී සමග එක්වෙයි – (විඩියෝ)

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයන් දේශපාලන ඉලක්කයක් සහිතව කටයුතු නොකරන බව වීරකුමාර දිසානායක මහතා අද උදේ අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශකර ඇත. මෙම තත්වයතුල තවදුරටත් මහින්ද රාපක්ෂ සමග එක්ව වැඩ කිරිම මෝඩකමක් බවත් මේ මොහොතේ මෙත්‍රිපාල සිරිසේන සමග එකතුවිය යුතු බවත් ඔහු වැඩි දුරටත් පවසයි. මහින්ද පිල නියෝජනය කරණ පක්‍ෂ නායකයන්ගේ දේශපාලන අරමුණු යථාර්තවාදී ඒවා නොවන බව ද හෙතෙම කියා සිටී.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කළ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  විරකුමාර දිසානායක මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරිමේ සුදානමක් පවතින බව මේ අනුව පෙනී යයි. විමල් විරවංස මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය  නායකයා වන්නේ ද වීරකුමාර  දිසානායක මහතාය.

මේ මොහොතේ මෛත්‍රී පිල සමඟ එක්විය යුත්තේ  ඇයි ද යන්න සම්බන්ධයෙන්  පැහැදිලි කරමින්  වීරකුමාර  දිසානායක විසින් පිටු අටකින් යුත් නිවේදනයක් ද මාධ්‍ය වෙත නිකුත් කර  ඇත.

ඩෙලර් වලට වහල් වෙලා රනිල් හාමුව බේර ගන්න හදන්නේ විමල් වීරවංශයි

ඩෙලර් වලට වහල් වෙලා රනිල් හාමුව බේර ගන්න හදන්නේ විමල් වීරවංශයි

Posted by ColomboXnews on Wednesday, 6 December 2017