සිරිකොතින් සහ ඩාර්ලි පාරෙන් අපේ නායකයින් ඩැහැගනිමින් සිටිනවා – ජානිපෙ නියෝජ්‍ය ලේකම් නිමල් පියතිස්ස

ජාතික නිදහස් පෙරමුණ, එහි නායකත්වය දුර්වල කිරීමට පක්‍ෂයේ දුර්වල අය බිලීබා ගැනීම සඳහා සිරිකොතින් හා ඩාර්ලි පාරෙන් පිඹුරුපත් සැකසූ බවත් ඒ අනුව තම පක්ෂයේ ඉහල නායකත්වය මේ මොහොතේ පක්ෂය හැරයමින් සිටින බවත් ජානිපෙ නියෝජ්‍ය ලේකම්, පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේදී පසුගිය දා පැවති මාධ්‍ය හමුවේදී ය.

“ඒත් අප සමඟ සිටි සුෂුම්නා ශීර්ෂකය දුර්වල පිරිසක් දැන් සිරිකොතින් සහ ඩාර්ලි පාරෙන් ඩැහැ ගනිමින් තිබෙනවා. මේ ‘දෙකයි පනහේ’ කෑලි ගොදුරු කර ගනිමින් ගෙන යන මෙහෙයුම දෙස බලන විට එක අතකින් අප සතුටු වෙනවා. ඒ ජාතික නිදහස් පෙරමුණ මේවයින් විනාශ කරන්න බැරි බවද ඔහු සඳහන් කළේය. විජේනායකල , විජේසේකරල  වගේ කොදු කඩාගත්ත නායකයින්ද ඒ වගේම හිටපු ලේකම් ප්‍රියන්ජිත් විතාරණ වැනි අභියෝග හමුවේ පලායන පෞෂයක් නොමැති පිරිස් මේ මොහොතේ පක්ෂය විනාශ කිරීමේ මෙහෙයුමක යෙදීසිටින බව පෙනි යන බවද ඔහු පැවසීහ.

විජේනායකලා, විජේසේකරලා ජානිපෙන් යනවා. මොකක්ද මේ වන්නේ? යැයි එහිදී මාධ්‍යවේදී මහතෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතීඥ කපිල ගමගේ මහතා පැවසූවේ මේක කොටස් වශයෙන් පළවන නාට්‍යයක් බවයි.