බදුල්ලේ රැලියෙන් බැසිල්-විමල් ගැටුම එළියට – විමල් ඇතුළු ඒකාබද්දේ නායකයින් රැලියටත් නෑ…!

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් වීමත් සමග අපෙක්ෂක ලයිස්තු සැකස් කිරම සම්බන්ධයෙන් මහින්ද පිලේ බැසිල් රාජපක්ෂ හා විමල් වීරවංශ අතර ගැටුමක් නිර්මානය වූ අතර අද වනවිට එය උග්‍ර අතට පෙරළෙමින් බදුල්ලේ පැවති රැලිය වර්ජනය කිරීමට පවා විමල් වීරවංස පෙළඹී ඇත.

විමල් වීරංශ මෙන්ම මහින්ද පිලේ ප්‍රබල නායකයින් රැසක්ම අද (04) දින බදුල්ලේ පැවති රැලියට සහභාගී නොවීම විශේෂයෙන් කැපී පෙණුනි. මෙම රැලියට විමල් විරවංශ , උදය ගම්මන්පිල , දිනේෂ් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී නොවීමත් විශේෂත්වයකි. පසුගිය දින කිහිපය පුරාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේදී විමල් වීරවංශ විසින් ඉල්ලා සිටින ලද අපේක්ෂකයින් ප්‍රමාණය ලබාදීම බැසිල් රාජපක්ෂ විසින් එකහෙලාම ප්‍රතික්ෂේප කර තිබුණි.

පසුගියදා අනුරාධපුරයේ පැවති මහින්ද පිලේ රැලියටද විමල් වීරංශ පැමිණියේ ප්‍රමාද වී වන අතර ඔහු අසුන් ගත්තේද වෙනදා මෙන් මහින්ද රාජපක්ෂ අසළින් නොව මහින්දානන්ද අලුත්ගමගේ සමීපයේ පිහිටි අසුනකය.

එමෙන්ම පසුගිය කාලය පුරාවටම විමල් වීරවංශගේ පක්ෂය තුළ අර්බුද ගණනාවක් නිර්මාණවය වූ අතර එහිදී පක්ෂයේ සැලකියයුතු පිරිසකගේ මතය වී ඇත්තේ මේ මොහොතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එකතු වියයුතු බවයි. පක්ෂයේ නියෝජ්‍ය නායකයා වන අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මේ වනවිට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේද මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව දේශපාලන ගමණක් ඇරඹිය යුතු බවයි. එමෙන්ම විමල් වීරවංශගේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ත්‍රීකුණාමල පළාත් සබා මන්ත්‍රී ජයත්න විජේසේකර මහතාද පසුගියදා මෛත්‍රීපාල සිරිසේන සමග එක් විය.

අද බදුල්ලේ පැවති රැලියට විමල් වීරංවශ නොපැමිණීමත් සමග බැසිල් රාජපක්ෂ හා ඔහු අතර හටගෙන ඇති මෙම අර්බුදය සමතයකට පත් කිරීම සඳහා මැදිහත්වන ලෙස මහින්ද රාජපක්ෂ විසින් මන්ත්‍රීවරු කිහිපදෙනෙකුටම උපදෙස් දී ඇත. ඒ අතර ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ යන අයද වේ.