හිටපු කොටිත් පුංචි ජන්දයට පොහොට්ටුවෙන් එනවා – හිටපු උතුරු මැද මහ ඇමැති

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරීන් ලෙස ලෙස කටයුතු කර දැනට නිදහස්ව සිටින පිරිසක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තරග කිරිමට සූදානමින් සිටින බව පොදුජන පෙරමුණේ උතුරු ප්‍රදේශයේ සංවිධාන කටයුතු බාර හා  උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා ඊයේ (02) අනුරාධපුරයේදි පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයින් සමග එක්ව මැතිවරණයට තරග කිරීමට උතුරේ සිංහල මෙන්ම දමිළ ජනතාව ද සිය කැමැත්තක් නැති බවත් එසේ එක්ව ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වුවත් මහින්ද හිතවාදීන්ගේ ඡන්දය කිසි විටකත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොලැබෙන බවත් ඔහු සදහන් කරයි.