මහින්ද පිලේ ඩීල්කාරයෝ සාකච්ඡා ‘කෑවා’ – ඇමැති මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ මහින්ද පිල එකතු වීමට පැවැත්වූ සාකච්ඡා බිඳවැටුණේ එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ “ඩීල්” දමන පිරිසක්‌ ඒකාබද්ධ විපක්‌ෂයේ සිටිය නිසා බව එක්ඇසත්මැ ජනතා නිදහස් සංධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ඊයේ (01 දා) පැවැසීය. මෙම කාල්ටන් කල්ලියට උවමනාවී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කර එහි වාසිය එක්‌සත් ජාතික පක්‌ෂයට ලබාදීමට බවද ඇමැතිවරයා කීවේය.

සාකච්ඡාවලදී මස්‌ රාත්තලම ඒකාබද්ධ විපක්‌ෂය ඉල්ලුවේ ඒ නිසා බවද ඩීල් දමන පිරිසගේ උවමනාවට ඒකාබද්ධ විපක්‌ෂයේ වැඩි පිරිසක්‌ අවනත වීම නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට හා ඒකාබද්ධ විපක්‌ෂයට එකට මැතිවරණයට තරග කිරීමට තිබූ අවස්‌ථාව මඟහැරුණේ යෑයිද ඇමැතිවරයා සඳහන් කළේය.

ආණ්‌ඩුවේ මැති ඇමැතිකම් ගන්න එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ සාකච්ඡා කළ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න දැන් මුළු රටම දන්නා බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.