ජයන්ත විජේසේකර, වීරවංශ හැරගොස් මෛත්‍රී අතින් ශ්‍රිලනිප සංවිධායකධුරයක් ලබාගනී.

විමල් වීරවංශගේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු මෙන්ම නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රීවරයකු ද වන ජයන්ත විජේසේකර මහතා අද (1) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්විය. මීට පෙර එම පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා සහ පක්ෂයේ ලේකම් ප්‍රියන්ජිත් විතාරන මහතාද විමල් විරවංශ විවේචනය කරමින් එම පක්ෂයෙන් ඉවත්විය.

අද දින(01) ජයන්ත විජේසේකරද මහතා ජනාධිපති කාර්යාලයට පැමිණ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී පක්‍ෂ සාමාජිකත්වය ලබාගත්තේය. ජනාධිපතිවරයා විසින් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් සංවිධායකවරයකු ලෙස ද පත්කරනු ලැබ තිබේ.

මේ වනවිට විමල් වීරවංශයේ පක්ෂය තුල බරපතල බෙදීම් නිර්මාණයවී ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස මෙලෙස පක්ෂයේ ප්‍රබලයින් පක්ෂය හැරයාමට තීරනය කර ඇති බව වාර්තාවේ. ඉදිරියේදි තවත් ප්‍රබල සාමාජිකයින් පිරිසක් පක්ෂය හරයෑමට තිරණයකර ඇති බවද අපවෙත වාර්තාවේ.