අදත් තද සුළං සමග මහ වැසි – අනතුරු ඇඟවීම් සහ අවදානම් ප්‍රදේශ මෙන්න

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයාමේ අනතුරු ඇඟවීම් සහ අවදානම් කලාප කිහිපයක් නම් කර තිබෙනවා.අද දිවයිනේ බෙහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුර, උතුරුමැද, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලට වැසි ඇති විය හැක. විශේෂයෙන් බස්නාහිර, දකුණ සහ සබරගමුව යන පළාත්වලට වැසි ඇතිවන අවස්ථාවලදී තඳ සුළං තත්ත්වයක් ද ඇති විය හැකිය.

මේ අතර බස්නාහිර සහ දකුණු දෙසින් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමිටර් 70ත් 80ත් අතර තඳ සුළං තත්ත්වයක් ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.