දළ පූට්ටුවා ඝාතනයේ පරීක්‍ෂණ CIDයට පවරයි.

ගල්ගමුව දළ පූට්ටුවාගේ මරණය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස අමාත්‍ය සාගල රත්නායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක සිදු වූ අලි ඇතුන්ගේ මරණ සම්බන්ධයෙන් ද සොයාබලන ලෙසට අමාත්‍යවරයා නියෝග කර ඇති බව සඳහන්. ඊට අදාළ උපදෙස් වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දී ඇති බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර, ඊයේ පොල්පිතිගම කහල්ල, පල්ලකැලේ අභය භූමියේ තිබී සොයාගනු ලැබූ ගල්ගමුව දළ පූට්ටුවාගේ සිරුරේ කොටස් සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණ වී ඇත්තේ එය ස්වභාවික මරණයක් නොවන බවයි.